Training center section

You are here

විදුලිසංදේශන

all you want

ජාතික මෙන්ම අන්තර්ජාතික විදුලිසංදේශන සමාගම්වල සහායද හිමි ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අති නවීන විදුලිසංදේශන දත්ත සම්ප්‍රේෂණ ජාලය මෙරට විදලිසංදේශන යටිතලපහසුකම් ව්‍යුහයේ පදනම වේ. තඹ හා ප්‍රකාශ තන්තු සංදාම යෙදීමේ තාක්ෂණයන් (optical fibre cabling) පිළිබඳව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සතු අති විශිෂ්ට දැනුම ලබා ගත හැකි දොරටු, මෙම සුවිශේෂී ක්ෂේත්‍රෙයහි වෘත්තීය දිවියක් ඇරඹීටම කැමති ඔබ වෙනුවෙන්ද දැන් විවර වී තිබේ.

ලබා දෙන සුදුසුකම්

 

  • ව්‍යවහාරික විදුලිසංදේශන පද්ධති පිළිබඳ සහතිකපත් පාඨමාලාව (Certificate in Applied Telecommunication Systems)
  • Synchronous Digital Hierarchy
  • Pulse Code Modulation
  • ප්‍රකාශ තන්තු දත්ත සම්ප්‍රේෂණ පද්ධති (Fibre Optic Transmission Systems)
  • ඩිජිටල් මයික්‍රෝවේව් රේඩියෝ
  • ඩිජිටල් සම්ප්‍රේෂණ - I
  • ඩිජිටල් සම්ප්‍රේෂණ - II
  • Digital Multiplexing

 

Synchronous Digital Hierarchy (SDH)

මෙම පාඨමාලාව සකසා ඇත්තේ සිසුන් හට ප්‍රකාශ තන්තු විදුලිසංදේශනයෙහි සෑම පැතිකඩක්ම සහ functional blocks හා units වලට අදාළ සියලු මෙහෙයුම් පැති පිළිබඳ පුළුල් දැනුමක් ලබා ගත හැකි පරිද්දෙනි.

ඇතුළත් වීමේ අවම සුදුසුකම්:

SDH ජාල පිළිබඳ උනන්දුවක් දක්වන පාසල් අධ්‍යාපනය හමාර කළ අය හා වෘත්තිකයින් හට මේ සඳහා අයැදුම් කළ හැක.

පාඨමාලා කාලය :
මාස 05
මීළඟ බඳවා ගැනීම :
ඉල්ලුම මත
ස්ථානය :
වැලිසර
පාඨමාලා ගාස්තුව :
රු. 19,300.00

 

 
--> Scroll To Top