Training center section

You are here

පුහුණු මධ්‍යස්ථාන

all you want

ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථාන ජාලය අංග සම්පූර්ණ මධ්‍යස්ථාන හතරකින් සමන්විත වෙයි. මින් දෙකක් වැලිසර හා මොරටුව යන ප්‍රදේශයන්හි පිහිටා ඇති අතර තවත් දෙකක් පේරාදෙණියේ හා ගාල්ලේ පිහිටා තිබේ.

මුල් කාලයේදී ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථානය අවධානය යොදවා තිබුණේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සේවකයින් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම කෙරෙහි පමණි. එහෙත්, පසුකාලයේදී, ශ්‍රී ලංකාවේ ඕනෑම වෘත්තිකයෙකුට හෝ සිසුවෙකුට පුහුණුව ලබාගත හැකි පරිදි එයවඩාත් පුළුල් කෙරිණ. විශේෂයෙන්ම, සන්නිවේදන සේවා සපයන වෙනත් සමාගම්වල සේවකයින් වෙනුවෙන්ද මෙම අවස්ථාව විවෘතව පවතී.
 

මේ වන විට අපගේ පුහුණු මධ්‍යස්ථානය පුහුණු මධ්‍යස්ථානය, අන්තර්ජාතික පිළිගැනීමක් සිසුන් වෙත ලබා දීමේ අරමුණින් එක්සත් රාජධානියේ City & Guilds හා Edexcel වැනි ලොව ප්‍රමුඛතම පුහුණු හා අධ්‍යාපන ආයතන සමග අත්වැල් බැඳගෙන සිටින බව දැනුම් දෙන්නේ මහත් අභිමානයෙනි.

 

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ න්‍යායික දැනුම පමණක් නොව විවිධ කරුණු සඳහා අවශ්‍ය ප්‍රායෝගික දැනුමද ලබා දීමට අපි නිරන්තරයෙන් වගබලා ගන්නෙමු. මේ නිසා, ඒ ඒ සිසුවාට තනි අවධානය යෙදවෙන ප්‍රායෝගික පුහුණු කාලය වෙත අපි සෑම විටම අමතර වැදගත්කමක් එක් කරන්නෙමු. අපගේ පුහුණු පාඨමාලා සඳහා සංවිධානය කරනු ලබන්නේ සීමිත සිසුන් පිරිසකගෙන් සමන්විත කුඩා කණ්ඩායම් හෙයින් සිසුවා හා ගුරුවරයා අතර මනා සම්බන්ධතාවයක් හා අන්තර්ක්‍රියාවලියක් සිදු වන බව මනාව තහවුරු කෙරේ.

 

ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථානයේ පාඨමාලා හැදෑරීමෙන් ඔබට අත් වන වාසි
  • සමබර, ස්වාධීන දැනුමක් ලබා ගත හැකි වීම.
  • සෑම පාඨමාලාවක්ම පවත්වනු ලබන්නේ අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු විසිනි.
  • කුඩා ප්‍රමාණයේ පන්ති - මේ නිසා ගුරුවරයා සමග සිදු කෙරෙන් අන්තර්ක්‍රියාවන් වැඩි වෙයි.
  • සිසුවාද ප්‍රායෝගිකව ක්‍රියාකාරකම්වල හා අභ්‍යාසයන්හි නියැළී ඉගෙන ගැනීමට ඉඩ සැලසීම නිසා අධ්‍යයන කාර්යක්ෂමතාව ඉහළ යයි.
  • පුහුණු පරිසරය - ප්‍රියමනාප, නවීන හා සැපදායී පසුබිමකින් හෙබි වායුසමනය කළ, බාහිර ක්‍රියාකාරකම් සඳහාද උචිත පරිසරයක පුහුණුව ලැබිය හැකි වීම.
  • විද්‍යාගාර පහසුකම් - නූතන තාක්ෂණික ප්‍රවණතා වෙත මනාව නිරාවරණය වීමේ අවස්ථාවක් සිසුන් වෙත ලබා දීම සඳහාම සැලසුම් කරන ලද සෑප පහසුකමකින්ම සමන්විත අති නවීන විද්‍යාගාර පහසුකම්.
  • පාඨමාලා සටහන් - වටහා ගැනීමට පහසු, සරල ඉංග්‍රීසියෙන් සැකසූ විස්තරාත්මක අත්පොත් හා පත්‍රිකා ලබා දීම.
  • අපගේ පුහුණු මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන පාඨමාලා පිළිගත් විශේෂඥ ආයතනවල ඉහළ පිළිගැනීමට ලක් වීම
 
--> Scroll To Top