1973 දී පිහිටුවන ලද මෙරටුව පුහුණු මධ්‍යස්ථානය පළමු ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථානයයි. මෙය පිහිටා ඇත්තේ පැරණි ගාලු පාරේ හොරේතුඩුවේ වන අතර කළුතර, පිළියන්දල හා කොළඹ යන නගරවල සිට ඊට ළඟා වීම වඩා පහසුය.
අංගසම්පූර්ණ විද්‍යාගාර, නවීන පන්ති කාමර, ශ්‍රවණාගාරයක්, පුස්තකාලයක් හා පරිපාලන කාර්යාල ආදියෙන් සමන්විත මෙම පුහුණු මධ්‍යස්ථානයෙහි ක්‍රිකට්, වොලිබෝල්, බැඩ්මින්ටන් සහ මේස පන්දු, කැරම්, චෙස් වැනි ගෘහස්ථ ක්‍රීඩා සඳහා ක්‍රීඩාගාරයක්ද ඉදිකර තිබේ. මීට අමතරව, සිසුන්ගේ භාවිතය පිණිස අංග සම්පූර්ණ ශරීර සුවතා හා ව්‍යායාම් ශාලාවක්ද මොරටුව පුහුණු මධ්‍යස්ථානයට අයත්ය.
පහසුකම්
පරිගණක භාවිතය හා අන්තර්ජාල ප්‍රවේශය
විද්‍යාගාර පහසුකම්
ශ්‍රවණාගාරය
පුස්තකාලය