1988 වසරේදී ආරම්භ කරන ලද වැලිසර පුහුණු මධ්‍යස්ථානය අපගේ ප්‍රධාන පුහුණු මධ්‍යස්ථාන අතරින් එකකි. වැලිසර, මීගමුව පාරේ පිහිටා ඇති මෙය වෙත කොළඹ, මීගමුව හා ගම්පහ යන ප්‍රදේශවල සිට පහසුවෙන් ළඟා විය හැක.
වැලිසර පුහුණු මධ්‍යස්ථානය, ප්‍රියමනාප අධ්‍යයන පරිසරයක් සහතික කිරීම වෙනුවෙන් විශේෂයෙන් සකසන ලද සියලු පහසුකම්වලින් සමන්විත වෙයි. සම්පූර්ණයෙන් වායුසමනය කරන ලද විද්‍යාගාර, පන්ති කාමර, ක්‍රීඩා පිටියක් හා පරිපාලන කාර්යාල ආදිය මේ අතර වේ. නේවාසිකාගාර පහසුකම්ද ඇතුළත් මෙහි, සෑම අංශයකින්ම සම්පූර්ණ අධ්‍යයන දිවියක් ගෙවීමට සිසුන් හට අවස්ථාව ලබා දෙමින් විශාල ක්‍රීඩා පිටියක් හා ගෘහස්ථ ක්‍රීඩාකාරයක්ද ස්ථාපිත කර තිබේ.
විදුලිසංදේශන, විදුලි ඉංජිනේරු විද්‍යාව, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, පරිගණක විද්‍යාව, සිවිල් ඉංජිනේරු විද්‍යාව, ගණිතය, කළමනාකරණය, ඉංග්‍රීසි භාෂාව වැනි විෂය ක්ෂේත්‍ර රාශියකට අයත් පොත් හා වෙනත් උපකාරක ද්‍රව්‍යවලින් සමන්විත අංග සම්පූර්ණ පුස්තකාලයක් අප සතුය.
මෙම පුස්තකාලය තුළ බැහැර ගෙන යන පොත්, වාර ප්‍රකාශන හා පුවත්පත් සහ ශ්‍රව්‍ය දෘශ්‍ය උපකාරක ද්‍රව්‍ය ආදී විවිධ අංශ තිබේ. මෙම පුස්තකාලයට පිවිසෙන්නෙකුට පොත්, වාර්තා, චක්‍රෙල්ඛ, අත්පොත්, සඟරා, සංගත තැටි හා ශ්‍රව්‍ය තැටි ආදී අධ්‍යයන උපකාරක ද්‍රව්‍ය රැසක් ලබාගත හැක.
සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.30 දක්වා පුස්තකාලය විවෘත කර තබනු ලැබේ.