1988 වසරේදී ආරම්භ කරන ලද වැලිසර පුහුණු මධ්‍යස්ථානය අපගේ ප්‍රධාන පුහුණු මධ්‍යස්ථාන අතරින් එකකි. වැලිසර, මීගමුව පාරේ පිහිටා ඇති මෙය වෙත කොළඹ, මීගමුව හා ගම්පහ යන ප්‍රදේශවල සිට පහසුවෙන් ළඟා විය හැක.
වැලිසර පුහුණු මධ්‍යස්ථානය, ප්‍රියමනාප අධ්‍යයන පරිසරයක් සහතික කිරීම වෙනුවෙන් විශේෂයෙන් සකසන ලද සියලු පහසුකම්වලින් සමන්විත වෙයි. සම්පූර්ණයෙන් වායුසමනය කරන ලද විද්‍යාගාර, පන්ති කාමර, ක්‍රීඩා පිටියක් හා පරිපාලන කාර්යාල ආදිය මේ අතර වේ. නේවාසිකාගාර පහසුකම්ද ඇතුළත් මෙහි, සෑම අංශයකින්ම සම්පූර්ණ අධ්‍යයන දිවියක් ගෙවීමට සිසුන් හට අවස්ථාව ලබා දෙමින් විශාල ක්‍රීඩා පිටියක් හා ගෘහස්ථ ක්‍රීඩාකාරයක්ද ස්ථාපිත කර තිබේ.
පාඨමාලා
- ව්‍යවහාරික විදුලිසංදේශන පද්ධති පිළිබඳ තාක්ෂණ ශිල්පී සහතිකපත් පාඨමාලාව
- ව්‍යවහාරික විදුලිසංදේශන පද්ධති පිළිබඳ තාක්ෂණ ශිල්පී උසස් පාඨමාලාව
- ඉලෙක්ට්‍රොනික/විදුලි ඉංජිනේරු (සන්නිවේදන) BTEC උසස් ජාතික ඩිප්ලෝමාව
- ව්‍යවහාරික තොරතුරු තාක්ෂණ සහතිකපත් පාඨමාලාව
- දත්ත ජාල පරිපාලනය පිළිබඳ සහතිකපත් පාඨමාලාව
- CISCO රවුටර වින්‍යාසගත කිරීම
- පරිගණක ජාල ක්‍රියාත්මක කිරීම
- නූතන ඉලෙක්ට්‍රොනික විද්‍යාව
- ඩිජිටල් තාක්ෂණයන්
- මයික්‍රෝප්‍රොසෙසර මූලිකාංග
- ව්‍යවහාරික විදුලිසංදේශන පද්ධති සහතිකපත් පාඨමාලාව
- Synchronous Digital Hierarchy (SDH)
- ස්ඵන්ද කේත අනුකලනය (Pulse Code Modulation)
- ප්‍රකාශ තන්තු දත්ත සම්ප්‍රේෂණ පද්ධති (Fiber Optic Transmission Systems)
- Digital Microwave Radio
- ඩිජිටල් සම්ප්‍රේෂණ - I
- ඩිජිටල් සම්ප්‍රේෂණ - II
- Digital Multiplexing