ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථාන සෙවණේ සැබෑම සරසවි අධ්‍යාපනයක අත්දැකීම ඔබ වෙත තිළිණ කෙරෙයි. දැනුම් පිපාසාවෙන් මෙහි එන සිසුන්ට හුදෙක් අධ්‍යාපනය ලබා ගැනීමෙන් පමණක් නොනැවතී සෑම ආකාරයකම අන්තර්පුද්ගල කුසලතා වර්ධනය කරගනිමින් සෑම අංශයකින්ම ප්‍රවීණතාවය ලබා ගැනීමට හේතු වන ක්‍රීඩා හා තවත් බොහෝ ක්‍රියාකාරකම්වල නියැළීමටද ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථානය විසින් අවස්ථාව සලසා තිබේ. සිසුන්ගේ විෂය බාහිර ක්‍රියාකාරකම් අරමුණු කරගත් විවිධ ශිෂ්‍ය සමාජ හා සංගම් රැසක්ම පිහිටුවා තිබීමද මෙහි ඇති තවත් විශේෂත්වයකි. මේ අතරම, අප සතු සුවිශාල ක්‍රීඩා පිටිය හා ගෘහස්ථ ක්‍රීඩාගාරය සිසුන් හට ක්‍රීඩා කටයුතුවල නියැළීමටද කදිම අවස්ථාවක් ලබා දෙනු නිසැකය.
ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථානය ආශ්‍රිතව ක්‍රියාත්මක වන ශිෂ්‍ය සමාජ හා සංගම් විශාල ප්‍රමාණයක් තිබේ. වැඩි වශයෙන්ම මෙම සමාජ හා සංගම් පිහිටුවීමේදී පෙරමුණ ගනු ලබන්නේ BTEC උසස් ජාතික ඩිප්ලෝමාව හදාරන සිසු සිසුවියන්ය. වසර දෙකක පමණ කාලයක් ඔවුන් ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථානය ඇසුරේ අධ්‍යාපනය හැදෑරීම ඊට මූලික හේතුවයි. කෙසේවෙතත්, ඔවුන් පමණක් නොව අන් සිසු සිසුවියන්ද මෙම සංගම් විසින් සංවිධානය කරනු ලබන විවිධ ක්‍රියාදාමයන් සඳහා එක සේ සහභාගී වෙයි. විනෝදාස්වාදාත්මක වැඩසටහන්, රථ සේදීමේ වැඩසටහන් වැනි ආධාර එකතු කිරීමේ මෙහෙයුම් ආදිය ඒ අතරින් කිහිපයකි.
සෑම වසරකදීම විනෝද චාරිකාවකට සහභාගී වීමේ අවස්ථාවද අපගේ සිසු හට ලැබේ. වාර්ෂික සුහද හමු හා නවකයින් පිළිගැනීමේ උත්සව ආදියද ශ්‍රී ලංකා ටෙලිකොම් ශිෂ්‍ය සංගම් විසින් සංවිධානය කරනු ලැබේ. එපමණක්ද නොව, ලේ දන් දීමේ වැඩසටහන් වැනි ප්‍රජා සංවර්ධන හා සමාජ සත්කාර ක්‍රියාදාමයන්හිද ඔවුන් නියැළෙන බව අප පවසන්නේ සතුටිනි.
අපගේ පුහුණු මධ්‍යස්ථානයට බැඳී අධ්‍යාපනය හදාරන අතරම විවිධ ක්‍රීඩා කටයුතු රැසක නියැළිමේ අවස්ථාව අප විසින් උදා කර ඇත. මෙහි අරමුණ වන්නේ සිසුන් වෙත දැනුම ලබා දීමට පමණක් සීමා නොවී ක්‍රීඩා කටයුතු හරහා සිය විවේකී කාලය රසවිඳමට අවස්ථාවක් ඔවුන්ට ලබා දීමයි. තම විවේක කාලයේදී ක්‍රීඩා පිටියට වී නිදැල්ලේ ක්‍රීඩා කිරීටම් නිදහස ඔවුන්ට හිමි ය. ක්‍රිකට්, වොලි බෝල්, පා පන්දු ඇතුළු ක්‍රීඩා රැසක් සඳහා පහසුකම් අපගේ ක්‍රීඩා පිටියෙහි ඇති අතර කැරම්, මේස පන්දු වැනි ක්‍රීඩා සඳහා පහසුකම් ගෘහස්ථ ක්‍රීඩාගාරයෙහි සලසා ඇත. වැලිසර හා මොරටුව මධ්‍යස්ථාන ආශ්‍රිතව ගෘහස්ථ ක්‍රීඩා කාමරවලින්ද සමන්විත සුවිශාල ඉඩක් වෙන් කර තිබේ. ක්‍රීඩා කටයුතුවලට අමතරව, ශරීර සුවතා හා කායවර්ධන පහසුකම්වලින්ද වැලිසර පුහුණු මධ්‍යස්ථානය පොහොසත්ය.
සිසුන්ට අදාළ සියලුම ක්‍රීඩා කටයුතුවල වගකීම දරනු ලබන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ක්‍රීඩා සංගමය විසිනි. සිසුන් හට සහාය අවශ්‍ය වන සෑම මොහොතකදීම, විශේෂයෙන්ම වාර්ෂික ක්‍රීඩා උත්සව, ක්‍රිකට් තරගාවලි කටයුතුවලදී, අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ලබා දීම ඔවුන් විසින් නිරන්තරයෙන්ම සිදු කරනු ලැබේ.